වසර ගණනාවකට පසු ආචාර්ය සුනිල් ආරියරත්න අපූරු ප්‍රේම විරහවක් ගැන ගීතයක් රචනා කරනවා. ඒ’ ආලයේ ගාථාව’ යි.
වරෙක කසුන් කල්හාරගේ හඬින් ගැයුන මේ ගීතය දැන් ගයන්නෙ විශාරද නන්දා මාලිනියයි.
සංගීතය කසුන් කල්හාර ගෙනි.
ආලයේ ගාථා - සජ්ඣායනා කළා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා...
ස්නේහයේ චුම්බනය - නළල මත වගුරුවා
ආලිංගය සුරස - මතක පොත තුළ හොවා
ප්‍රේම ආරාමයේ - කැණිමඬළ බිම හෙළා
සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ.......අභය භූමියේ දී මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා...
ආලයේ ගාථා සජ්ජායනා කළා
ආලයේ මන්ත්‍ර සියවරක් ජප කළා
චන්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධුධන ස්වප්නයට නිගාදී ඔබ ගියා.....
සබැඳි පුවත්
විශාරද නන්දා මාලිනී ගේ නවතම ප්‍රේම විරහ ගීතය