අසනීප තත්වයක් හේතුවෙන් රෝහල ගතව ප්‍රතිකාර ලැබූ ජ්‍යෙෂ්ඨ කලාකාරිනියක වන රත්නාවලී කැකුණවල ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණ ඇතයි වාර්තා වේ
සිනමා, වේදිකා, ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක වන රත්නාවලී කැකුණවල මේ වන විට 88 වන වියේ පසුවනවා.
මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ මැණිකේ ගේ චරිතය දශක ගණනාවක් නිරුපණය කරමින් ජනප්‍රිය වූ ඇය වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
සත් සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය දියමන්ති, කරුමක්කාරයෝ , මුවන් පැලැස්ස කතා ත්‍රිත්වය ,ආරාධනා ,දඩයම ,බට්ටි, වදුල වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදෙමින් රත්නාවලී කැකුණවල මෙරට කලා කෙත පෝෂණය කළා.
වසර 50කට අධික, සිය රංගන දිවිය තුල සරසවිය ,ජනාධිපති ,උණ්ඩා ,සහ ගුවන් විදුලි සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.
සුවහසක් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජ්‍යෙෂ්ඨ කලාකාරිනී රත්නාවලී කැකුණවල ඔබට දිර්ඝායුෂ.