ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් වසර විස්සකට පසුව ප්‍රකාශයට පත් කළ ඇගේ දෙවැනි කෘතිය මෑන් බුකර් සම්මානය සඳහා නිර්දේශිත කෘති අතරට එක් වී තිබේ.
49 වැනි වතාවට පැවැත්වෙන සම්මාන උළලෙහි යුරෝ 50,000 ක් ත්‍යාගය සඳහා සුදුසුකම් ලැබූ කෘති 13 අතරට ඇතුලත් වීමට ඇගේ “ද මිනිස්ට්‍රි ඔෆ් අට්මෝස්ට් හැපිනස්” (The Ministry Of Utmost happiness) කෘතිය සුදුසුකම් ලබා ඇත.
පසුගිය ජුනි මස “ද මිනිස්ට්‍රි ඔෆ් අට්මෝස්ට් හැපිනස්” ප්‍රකාශයට පත් වුනි.
මිට පෙර අරුන්දතී මෙම සම්මානය දිනා ගත්තේ 1997 වසරේදීය.
ඒ “ ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්” නම් ඇගේ පළමු නවකතාව වෙනුවෙනි.