මේ දිනවල පිට පිට පුවත් මවන චරිතයක් බවට පත්ව ඇති ජස්ටින් බිබර්ට සිදු වූ තවත් අකරතැබ්බයක් පිළිබඳව අපට වාර්තා විය.
ඇමරිකාවේ බෙවර්ලි හිල්ස් හි ධාවනය වෙමින් තිබු ඔහුගේ මෝටර් රථයේ ගැටීම හේතුවෙන් ඡායාරූප ශිල්පියකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ගැටීම සිදුව ඇත්තේ 26 වැනි බදාදා ය.
අනතුර සිදු වන අවස්ථාවේදී ඔහු ඉතාම අවම වේගයකින් මෝටර් රථය පදවමින් සිට ඇති බව බෙවර්ලි හිල්ස් පොලිසිය ප්රකාශ කරයි.
57 හැවිරිදි තුවාලකරු රෝහල් ගත කර ඇති බවත් ඔහුගේ තත්වය බරපතල නැති බවත් පොලිසිය පවසා ඇත.
මේ අවස්ථාවේදී ජස්ටින් පොලිසිය සමඟ සහයෝගයෙන් ක්රියා කර ඇති අතර පසුව ඔහු නිදහස් කර තිබේ.
අනතුරින් පසුව ජස්ටින් එම පුද්ගලයා සමීපයට ගොස් ඔහුගේ තත්වය පිළිබඳව සොයා බැලීමට කටයුතු කර ඇත.