කොලිවුඩ් සිනමාව තුළ පමණක් නොවෙයි බොලිවුඩ් සිනමාව තුලත් කීර්තියක් අත්කරගත් රංගන ශිල්පී ධනුෂ් සද්කාර්යකට දායක වී ඇති බව අපට වාර්තා වුනා.
ඉන්දියාවේ ශෝලිංගනල්ලුර් කොවිලම්බක්කම් ආසන්නයේ වෙසෙන ගොවි පවුල් 125 කට ලක්ෂ 70 ක ආධාර ලබා දීමට ධනුෂ් කටයුතු කර ඇත.
බිරිඳ අයිශ්වර්යා, පියා කස්තුරිරාජා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මේ සඳහා එක් වී සිටි බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඔහු මේ කාර්ය සඳහා කිසිදු ප්‍රචාරයක් ලබා දී නොතිබීම විශේෂත්වයක්. නිතරම ට්විටර් සමාජජාලා ගිණුමත් සමඟ සම්බන්ධ වී ක්‍රියා කරන පුද්ගලයෙක් වුවත් ඔහු එහි හෝ මේ පිළිබඳව කිසිදු සඳහනක් කර නොතිබුණි.