ඇමරිකාවේ ඩිට්රොයිට් නුවර සිදු වූ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු ඩිට්රොයිට් සිනමාපටය අද දින ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ විය.
එරට විශාලතම වර්ගවාදී අරගලය ඇති වූ 1967 වසරේදී නවාතැන්පලක් ආශ්‍රිතව සිදු වූ එක් සිදුවීමක් චිත්‍රපටයට පාදක වී තිබෙනවා.
ඩිට්රොයිට් අධ්‍යක්ෂණය කැත්රින් බිගේලොව් විසිනි.
ජෝන් බොයේගා, විල් පුල්ටර්, ඇල්ගී ස්මිත්, ජේකොබ් ලැටිමෝර්, ජේසන් මිචෙල්, හැනා මුරේ ඇතුළු රංගන ශිල්පින් රැසක් මෙහි රංගන දායකත්වය සපයනවා.
චිත්‍රපටය මිනිත්තු 143 ක් පුරා ධාවනය වේ.