ශාරුක් කාන්ගේ නවතම සිනමාපටය පිළිබඳව රසිකයෝ විශාල බලාපොරොත්තු තබා සිටියහ. නමුත් ජබ් හැරී මෙට් සේජල් එම බලාපොරොත්තු බොහොමයක් කඩ කර ඇති බවට බොලිවුඩය දෙසින් අපට වාර්තා විය.
මෙම චිත්‍රපටය විචාරකයන්ගේ පැසසුමට ලක් නොවුනා සේම තිරගත වුණු දිනයේ ඉතා අඩු අදායමකට හිමිකම් කියා ඇත. එය වසර පහකට පසු ශාරුක් කාන්ගේ සිනමාපටයක් වාර්තා කළ අවම අදායම විය.
2014 දී තිරගත වූ කින් කාන්ගේ Happy New Year චිත්‍රපටය රුපියල් කෝටි 42.60ක ඉහල අදායමක් පළමු දිනයේදී පමණක් සනිටුහන් කරමින් නව බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් විය. නමුත් “ජබ් හැරී මෙට් සේජල්” හට තිරගත දිනයේ ලබා ගත හැකි වුයේ රුපියල් කෝටි 15.25 ක අදායමක් පමණි.
මිට පෙර ශාරුක්ගේ සිනමාපටයකට එවැනි තත්වයක් උදා වුයේ යශ් චොප්රාගේ අවසන් නිර්මාණය එනම් 2012 දී ජනගත වූ “ජබ් තාක් හේ ජාන්” චිත්‍රපටය සමඟිනි. එහි පළමු දින අදායම රුපියල් කෝටි 15.23 ක් විය.
කොහොම නමුත් පසුගිය වසරේ තිරගත වූ “ඩියර් සින්දගි” ජබ් හරි මෙට් සේජල්ට වඩා පහත් මට්ටමක තිබෙනවා කියා ඔබට තර්ක කළ හැකියි. නමුත් “ඩියර් සින්දගි” නම් එම නිර්මාණය අලියා බාත් මුලික කරගනිමින් නිපදවුණු බව ශාරුක් කාන් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණි. තමන් චිත්‍රපටයට සහයක් පමණක් බවත් නිර්මාණයේ ගලා යෑමට උපකාරී චරිතයක් පමණක් වූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
Happy New Year(2014) -රුපියල් කෝටි 42.60
Chennai Express (2013)- රුපියල් කෝටි 33.10
Dilwale (2015- රුපියල් කෝටි 21
Raees (2017) - රුපියල් කෝටි 20.42
Fan (2016) - රුපියල් කෝටි 19.20