බොලිවුඩ් රංගන ශිල්පී අජේ දේව්ගන්ගේ නවතම සිනමාපටය “බාද්ෂාහෝ” හි ට්රේලර්පටය අද(08) දින නිකුත් වුණා.
එය නිකුත් වීමට පෙර චිත්‍රපටයේ අඩංගු දර්ශන කිහිපයක් සම්බන්ධයෙන් වාර්තා ඉන්දීය මාධ්‍ය විසින් නිකුත් කර තිබුනා.
මෙම වාර්තාවන්හි අඩංගු වී ඇත්තේ බාද්ෂාහෝ චිත්‍රපටය ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය විසින් වාරණයට ලක් කරාවි යන බිය නිසා සිනමාපටයේ නිර්මාණකරුවන් විසින්ම එහි අඩංගු සමහර දර්ශන ඉවත් කළ බවයි.
ට්රේලර්පටය ජනගත කිරීමේ උත්සවයේදී මෙම පුවත සම්බන්ධයෙන් බාද්ෂාහෝ හි නිර්මාණකරුවන් වෙත ප්‍රශ්න කිහිපයක් එල්ල වුණා.
එහිදී අජේ දේව්ගන් පවසා ඇත්තේ “ඇත්තටම මම දන්නේ නැහැ මේ කටකතාව කොහෙන් කඩා පාත්වුණා ද කියලා, අපි නිර්මාණය කළේ පෝර්න්(අසභ්‍ය) සිනමාපටයක් නෙවෙයි,” යනුවෙනි.
“ අපි සිනමාපටය සංස්කරණය කළ යුත්තේ කෙසේ ද කියලා වෙන කව්රුත් තීරණය කරන්නේ නැහැ,” යනුවෙන් චිත්‍රපට අධ්යක්ෂ මිලාන් ලුත්‍රා පවසා තිබේ.
පෙර නිකුත් වූ එම වාර්තාවන්හි සඳහන්ව ඇත්තේ අජේ සහ ඉලියානා ඩි’කෘස්ගේ තොල් සිප ගැනීමේ සහ නැරඹීමට තරමක් අපහසු දර්ශන කපා හැර ඇති බවයි.
අජේ දේව්ගන්, ඉම්රාන් හෂ්මි, ඉලියානා ඩි’කෘස්, විද්‍යුත් ජම්වාල් සහ ඉෂා ගුප්තා බාද්ෂාහෝ වෙනුවෙන් ප්‍රධාන රංගන දායකත්වය සපයයි.
එහි ගීතමය ජවනිකාවක් සඳහා සරාගී නිලි සනි ලියොන් ද එකතු වී ඇත.
සැප්තැම්බර් 11 සිනමාපටය තිරගත වීමට නියමිතය.