ඩයනා කුමරිය නැතිනම් වේල්ස්හි රජ කුමරිය පිළිබඳව චැනල් 4 නාලිකාව නිර්මාණය කළ වාර්තාමය චිත්‍රපටය දැඩි විවේචනයටත් ප්‍රශංසාවටත් ලක්ව තිබේ.
එහි සඳහන්ව ඇත්තේ ඩයනා කුමරිය විසින් සිය අර්බුධකාරී විවාහ දිවිය සහ ඇගේ ප්‍රසිද්ධ ජීවිතය සම්බන්ධයෙන් සෘජුව අදහස් ප්‍රකාශ කරන ආකාරයයි.
සමහර පුද්ගලයන් මෙම වීඩියෝව ජනගත කිරීම ගැන ප්‍රශංසා කරන නමුත් සමහරක් එය “සංවේගාත්මක” සහ “නිස්සාර” ලෙස හඳුන්වා ඇත.
ඉතා ඉහල නැරඹුම් සංඛ්‍යාවකට හිමිකම් කීමට මෙමඟින් චැනල් 4 ආයතනයට හැකි වී තිබේ.
වීඩියෝව වාර්තාගත කර ඇත්තේ 1992 සහ 93 අතර කාල වකවානුවේදීය.