තිස් පස් වසරක් පුරා අඛණ්ඩව සහ නිර්ලෝභීව හෙළ කලා කෙත සරුසාර කළ බණ්ඩාර ඇහැළියගොඩ කිවිසුරාණන් වෙත ප්‍රණාමය පළ කෙරෙන සෞන්දර්ය චරිතාවලෝකනය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
“ජීවිතය කවියක්” නමින් පැවැත්වෙන මෙම අසිරිමත් කලා මංගල්‍ය එදින පස්වරු 6.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වනු ඇත.
ආචාර්ය වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පිරිස්, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර, නිරෝෂා විරාජිනී, සුනිල් පෙරේරා, නෙලූ අධිකාරී, ජානක වික්‍රමසිංහ, ආචාර්ය ජයලත් මනෝරත්න, මහාචාර්ය කෝලිත භානු දිසානායක, රත්නාලාලනි ජයකොඩි, ක්‍රිෂාන්ත එරන්දක, ශෂිකා නිසංසලා, ආනන්ද වීරසිරි, සමන් ලෙනින්, රොඩ්නි වර්ණකුල සහ නිල්මිණි කොට්ටෙගොඩ එදිනට ගායනයෙන් එක්වනු ලැබේ.
සත්සර මෙහෙයුම ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි.රංග වින්‍යාසය කලාසුරි චන්න විජේවර්ධන, රසික ඇමතුම ජැක්සන් ඇන්තනි.
මෙදින කුල ශ්‍රී කාරියවසම් විසින් සංස්කරණය කළ බණ්ඩාර ඇහැළියගොඩ සෞන්දර්ය චරිතාවලෝකනය ග්‍රන්ථය සහ පාරමී දම් පුරා නැවුම් ගී සංයුක්ත තැටිය ජනගත කිරීමට නියමිතය.