පාර්ලිමෙන්තුවේ සියලු පක්ෂ වල සිටින සියලු හොරැන්පා ර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව ජනප්‍රිය ගායක ඉරජ් වීරරත්න පවසනවා.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුව තුල සටහනක් එක් කරමින්.
ඔහු පවසන්නේ මහජන මුදල් සොරකම් කරන ලබන පුද්ගලයින් සදහා නිසි දඩුවම් ලබා දිය යුතු බවයි.
ඉරජ් මේ සම්බන්ධයෙන් පළ කළ සටහන පහතින්.
" පාර්ලිමෙන්තුවේ සියලු පක්ෂ වල සිටින සියලු හොරැ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුයි!!!
මේ හොරා කන්නේ මහජන මුදල් ???
සියලුම මැති ඇමතිලා අපේ සේවකයෝ මිසක් ඔවුන් දෙවියෝ නෙමේ...
රටට දරාගන්න බැරි මුදලක් මොවුන් හොරා කාලා ඔවුන්ගේ සැප ලබා ගැනීමට ජනතා මුදල් කොල්ලකයි.
කෝටි ගනන් මුදල් සැප වාහනවලට වියදම් කරලා ගංවතුරටට යටවුන අසරණ මිනිස්සුන්ට උදව් කරන්න මුදල් වෙන් කරන්න බැරි රටක් මේක.
අද දිනයේ වෙච්ච සිදුවීම මාස 3ක තවත් ටෙලිනාට්‍යයක් නොවේ නම් ජනාධිපතිතුමා අද ගත්ත තීරනය ඉතිහාසගතවෙයි...
රටක් හැටියට අපි ඉදිරියට යන්න නම් පක්ෂ පාට වලට බෙදී තම පක්ෂය සහ හොරැ රකිනවාට වඩා සියලු හොරැ පාර්ලිමේන්තුවෙන් පන්නා දැමුවොත් අපේ අනාගතය සුභ වේවි !!! "