දකුණුඉන්දීයසිනමාවේසුපිරිනළුවෙක්වනධනුෂ්සම්බන්ධපෙත්සමක්උසාවියටඉදිරිපත්වීමත්සමඟලෝකයේමඅවධානයධනුෂ්වෙතයොමුවීතිබෙනවා.
Kathiresan සහ Meenakshi නම් වූ යුවළක් උසාවිය වෙත මෙලෙස පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සුපිරි නළුවා තම පුත්‍රයා බවයි.
ඔහු කුඩා කළ තමන් අත්හැර ගිය බවත් මේ වන විට තමන් ජීවත් වීමට නොහැකිව තමන් අසරණව ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
තමන් රුපියල් 65000ක මුදලක් මසකට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි මොවුන් මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ධනුෂ් විවාහ වී ඇත්තේ දමිළ සිනමාවේ සුපිරි වීරයා ලෙස සලකන රැජිනි ඛාන්ත්ගේ දියණියත් සමඟයි.
කෙසේ වෙතත් ධනුෂ් මේ වන තෙක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ජනවාරි මස 12වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ධනුෂ් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.
ධනුෂ්ගේ දෙමව්පියන් තමන් බව පැවසූ එම යුවළ සහ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති ඡායාරූප පහතින්