ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන 2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද(15) ආරම්භ විය.
19 වැනි වරට සංවිධානය කරනු ලැබූ මෙවර ප්‍රදර්ශනය අද සිට එළැඹෙන 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
"පොත් ඔබේ ජීවිතය දෙගුණයක් කරයි" යන සංකල්පයෙන් පැවැත්වෙන මෙය උදැසන 9 සිට රාත්‍රී 10 දක්වා මහජනතාවට විවෘතව ඇත.
අද ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා දේශීය පොත් ප්‍රකාශකයන් මෙන්ම ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, එක්සත් රාජධානිය, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉරානය යන රටවල ප්රමුඛ පොත් ප්‍රකාශකයන්ද සහභාගිවන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මහලේකම් උපාලි වනිගසූරිය මහතා පවසයි.
දේශීය හා විදේශීය ග්රන්ථ කුටි 410 ක් ද මෙවර ඇතුලත් වේ.
ප්‍රදර්ශනය තුළ සංස්කෘතික අංග රැසක් ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති එච්.ඞී. පේ‍්‍රමසිරි කියා සිටියේය.