මෙවර ජපන් සිනමා උළෙල කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
උළෙල එළැඹෙන සැප්තැම්බර් 22 සිට 24 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත.
මෙහි සමාරම්භක උත්සවය මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන්, උළලේ පළමු දින වන 22 වැනිදා සවස 6 ට චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
සිනමා ප්‍රේක්ෂකයන් හට නොමිලේ නැරඹිය හැකි සිනමා උළෙල ජපන් තානාපති කාර්යාලය, ජපන් පදනම, ජාතික තරුණ සේවා සභාව,ජාතික චිත්‍රපට සංස්ථාව හා Ship for World Youth Alumni Association විසින් සංවිධාන කෙරේ.
චිත්‍රපට
සැප්තැම්බර් 22 : ප.ව. 6.00 – Wood Job (ආරාධිතයන් පමණි)
සැප්තැම්බර් 23 : ප.ව. 3.00 Ecotherapy Gateway Holiday
: ප.ව. 5.30 Climbing to Spring
සැප්තැම්බර් 24: ප.ව. 3.00 Wood Job
: ප.ව. 5.30 A Farewell to Jinju