මිට වසර ගණනාවකට පෙර තිරගත වුනු බ්ලේඩ් රනර් සිනමාපටයේ නවතම සිනමා නිර්මාණය “බ්ලේඩ් රනර් 2049” ලෙස අප අතරට පැමිණීමට නියමිතය.
සම්මානලාභී බ්ලේඩ් රනර් නම් විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටය මිට පෙර නිර්මාණය වුයේ 1982 වසරේදීය. ඒ රිඩ්ලි ස්කොට් සිනමාකරු යටතේය.
එහි ප්‍රධාන චරිතය වන රික් ඩෙකාඩ්ගේ චරිතය රඟ දැක්වුයේ හැරිසන් ෆෝඩ් ය.
එහි දෙවන කොටස එනම් “බ්ලේඩ් රනර් 2049” එළැඹෙන ඔක්තෝබර් 6 වැනිදා සිට ලොව පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හොලිවුඞ් රංගන ශිල්පී රයන් ග්රොස්ලිංය.
හැරිසන් ෆෝඞ් ද රික් ඩෙකාඩ්ගේ චරිතය “බ්ලේඩ් රනර් 2049” චිත්‍රපටය තුලින් යළි ප්‍රති නිර්මාණය කරයි.
මෙහි අධ්‍යක්ෂණය ඩෙනිස් වෙලනූගේ විසිනි.
රොබින් රයිට්, ඇනා දෙ ආමාස්, ජෙරාඞඩ් ලෙටෝ, ඩේව් බැටිස්ටා ද චිත්‍රපටයට රංගන දායකත්වය සපයති.