1970 වන්ඩර් වුමන් චරිතයට පණ පෙවූ රංගන ශිල්පිනි ලින්ඩා කාටර් ඇවටාර් චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් හට දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.
ඇය ඔහුට පවසා ඇත්තේ නවතම වන්ඩර් වුමන් චිත්‍රපට රංගන ශිල්පිනි ඊශ්‍රායල් ජාතික ගාල් ගඩොට් හට එල්ල කරන විවේචන නවතා දමන ලෙසයි.
ශක්තිමත් කාන්තා චරිතයක් නිරුපනය කිරීමේදී මෙම සිනමාපටය පසුපසට තැබූ පියවරක් බව ජේම්ස් කැමරන් කිහිප වරක්ම මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලින්ඩා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්පවසා ඇත්තේ මෙම චරිතය පිලිබඳව ඔහුට කිසිදු අදහසක් නොමැති බවයි.
මිට ඉහතදී ඔහු විසින් එල්ල කළ විවේචන වන්ඩර් වුමන් නවතම චිත්‍රපට අධ්‍යක්ෂක පැටි ජෙන්කින්ස් විසින්ද බැහැර කර තිබුණි.
ඒ හරි හෝ වැරදි ආකාරයේ බලවත් කාන්තාවක් නොමැති බව සඳහන් කරමිනි.