අවම වශයෙන් පුද්ගලයන් 59 දෙනෙක් මරණයට පත් කළ 500 අධික සංඛ්‍යාවකට තුවාල සිදු කළ ලාස් වේගස් වෙඩි තැබීම පිළිබඳව සුපිරි තරු සිය හඬ අවදි කර තිබේ.
ඔවුන්ගෙන් බොහොමයක් දෙනා පවසා සිටින්නේ රටෙහි ගිනිඅවි සම්බන්ධ නීති දැඩි කළ යුතු බවයි.
ලේඩිගාගා, අරියානා ග්‍රාන්ඩේ, ජෝන් මේයර්, මැඩෝනා, ජේ.කේ. රෝලින්ග්, මිලී සයිරස් වැනි සුප්‍රකට චරිත ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩ නිකුත් කරමින් මේ බව කියා සිටියහ.