වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය හමුවේ සමස්ත කලා ක්ෂේත්රයන්හි නියුතු වූවන්ට මුහුණ පෑමට සිදුව ඇති අභියෝග පිළිබඳව 'නිදහස් කලා සන්ධානය' සංවිධානය කරන 'සීරුවෙන් සිටින් - ජනමත පෙළගැස්ම' ආරම්භක වැඩසටහන එළැඹෙන 6 වැනිදා එනම් හෙට දින කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
යහපාලන රජයේ ක්‍රියාකාරිත්වය හමුවේ සිදුවෙමින් පවතින දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික වෙනස්කම් තුළින් සිනමා, නාට්‍ය, රූපවාහිනි, සංගීත ඇතුළු සමස්ත කලා ක්ෂේත්රයන්හි නියුතුවූවන්ට මුහුණ පෑමට සිදුව ඇති අභියෝග හා ඒ පිළිබඳ කලා ක්ෂේත්රයේ නියුතුවූවන්ගේ වගකීම දැනුවත් කිරීමේ අරමුණෙන් මෙය සංවිධානය කරන බව එම සංවිධානයේ ලේකම් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා සඳහන් කරයි.