ප්‍රවීණ නාට්‍යවේදි එම්. සෆීර් නවතම නිෂ්පාදන වන ‘ආදර ඔන්චිල්ලා’ නාට්‍යයේ මංගල දර්ශනය ඉන්දියාවේ පූනේ නුවර පැවැත්වෙන ‘අයිපාර්’ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී පැවැත්වීමට නියමිතය
.
ඒ නොවැම්බර් මේ මස 08 වැනිදාය. එම්. සෆීර් විසින් සමාජ නාට්‍ය පිළිබඳව වැඩමුළුවක් සහ නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වන ජුලියා පිලිප්පෝ විසින් රංගනය පිළිබඳ වැඩමුළුවක් ඊට සමගාමිව පුනේ විශ්වවිද්‍යාලයේදී සිදු කරනු ඇත.
එසේම ‘ආදර ඔන්චිල්ලා’වේ දර්ශන වාර තුනක් කොරියාවේ සොල් නුවර ‘ඩියෝ ජාත්‍යන්තර රංගකලා නාට්‍ය උළෙලේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
එය පැවැත්වෙන දිනයන් වන්නේ නොවැම්බර් 15 වෙනිදා සිට 20 වෙනිදා දක්වා ය.
ආදර ඔන්චිල්ලා මංජුල වෙඩිවර්ධනගේ රචනයකි.