පැරණි යුගෝස්ලාවියාවේ පිහිටා ඇති 'D-0 ARK' රහසිගත න්‍යෂ්ටික බංකරය මේ වනවිට කලාගාරයක් බවට පත්කර ඇත.
වැනිසි කලා උළෙලේදී සිය රට නියෝජනය කරන කලාකරුවන් 76 දෙනෙකු ඇතුලු කලාකරුවන් 106 කගේ කලා කෘති 137 ක් බංකරය තුළ ප්‍රදර්ශනය කෙරේ.
"සමහර විශේෂඥයන් පවසන්නේ ගිනිකොන දිග යුරෝපයේ හොඳම නූතන කලා කෘති එකතුව මෙය බව," යි යනුවෙන් මිර්නස් බජිච් ගයිඩ් ප්‍රකාශ කළේය.
"ඇතුළට පිවිසෙන පුද්ගලයන්ට, මේ කලා කෘති හරහා අතීතයට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම අනාගතය හෝ වර්තමානය ගැන හිතන්නත් එයින් පෙළඹවීමක් ඇති කරනවා.”
එරට හිටපු ජනාධිපති මාෂල් ටිටෝ ආරක්ෂා කිරීම, බංකරය ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.
න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් මාෂල් ටිටෝ, ඔහුගේ බිරිඳ සහ ඇතුළු අනෙක් වගකිවයුතු මට්ටමේ නිලධාරීන්ට සැඟවීම සඳහා මෙය ඉදි වුණි.
"සීතල යුද්ධය පිළිබඳව එම කාලවකවානුවේ පැවති බිය නිසා ටිටෝ සහ ඔහුගේ බිරිඳ ඇතුළු යුගෝස්ලාවියාවේ වගකිව යුතු මට්ටමේ පුද්ගලයන් 350 දෙනකු වෙනුවෙන් බංකරය නිර්මාණය කර තිබෙනවා," යැයි මිර්නස් බජිච් ගයිඩ් පවසයි.
"සීතල යුද සමයට අයත් මෙම බංකරය දශක ගණනාවක් රහසක්ව පැවතුනා. දැන් එය සියලු දෙනා වෙත විවෘතයි, නමුත් න්‍යෂ්ටික බංකරයේ මූලිකාංග තවමත් ඒ අයුරින්ම තියෙනවා."