Mirrorarts-1943 ජූනි මස 07 දින උපන් සෝනියා දිසානායක 70 දශකයේ සිනමාවේ රූමත් සිනමා රංගන ශිල්පිණියක් විය. ඇය උප ප්‍රධාන චරිත වල මෙන්ම පසු කලෙක මව්වරුන්ගේ චරිත තුලින් සිනමාවේදී අපිට හමු විය. එමෙන්ම සෝනියා දිසා යන නාමය ප්‍රකට වූයේ 80 දශකයේ ජනප්‍රිය සිනමා ..නිෂ්පාදිකාවක් ලෙසය.. සුනිල් ටී සමග එකතුව සිනමාවට නිෂ්පාදනය කළ බොහෝ චිත්‍රපට සිනමා පේ්රක්ෂකයන් අතර ජනප්‍රිය විය.
පසු කලෙක ඇතිවූ පෞද්ගලික ප්‍රශ්න සහ වෙනත් කාරනා හේතුවෙන් සෝනියා කාලයක්ම ලංකාවෙන් බැහැර විය.
සෝනිියා වසර ගණනාවකට පසු ලංකාවට පැමිනියේ පොදු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එක්තරා වාමාංශික
දේශපාලනඥයෙක් බලෙන් රැුදී සිටින ඇයගේ නිවස ඇයට නැවත ලබාගැනීමේ අරමුණිනි. ඇය සිය නිවස වෙනුවෙන් මෙරට වාමාංශික දේශපාලකවරයෙක් සමග නඩු මගට බැස ඇත. ඇය ට නිවසේ හිමි කාරීත්වය නීතියෙන් ලැබුනද නිවසේ රැුදී සිටිනා දේශපාලකයා නිවස නැවත හිමිකාරිය වූ සෝනියා ට ලබාදී නැත. ඇයට ලංකාවේ නවතින්නට නිවසක් නැති විටක රූපවාහිනීයේ වීනීතා කරුනාරත්න සහ නිල්හාන් සෙනෙවිරත්නගේ මග පෙන්වීම යටතේ සෝනියා ට ශ්‍යාමලී විජේසේනගේ නිවසේ නවාතැන් ගැනීමට හැකි විය.
සෝනියා පසුගිය කාලයේ සිටියේ සතුටකිනි. ඒ විනීතා ගේ ආලකමන්දාව වැඩ සටහනින් ඇය නැවත පේ්රක්ෂකයන්ට සමීප වන්නට හැකිවීම නිසාය.
එහෙත් ඇයට හිතට වද දෙන බෙහෝ ප්‍රශ්න තිබෙන්නට ඇත. ඒ හෙයින්ම 14 දින හදිසියේ ඇතවූ හෘදයභාධයක් හේතුවෙන් සෝනියා නවලෝක පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත.ඇය ට හදිසි හෘද සැත්කමක් ඊයේ සිදු කර ඇති අතර ඒ සඳහා වූ සියලු පිරිවැය නවලෝක සමූහ ව්‍යාපාරයේ ජයන්ත ධර්මදාස මහතා විසින් බාරගෙන ඇත්තේ මාලිනී ෆොන්සේකා ශෙරීන් කුමාරතුංග ගේ ඉල්ලීමකට අනුවය.සෝනියා දිසානායකගේ දියණිය අද දින ලංකාවට පැමිණීමට නියමිතය. සෝනියා දිසානායක කලාකාරිනියට මිරර් ආර්ට්ස් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.