ලියනාඩෝ ඩා වින්සි විසින් මීට වසර 500කට පමණ පෙර සිතුවමට නැගූ බව විශ්වාස කෙරෙන ක්රිස්තු චරිතය දැක්වෙන සිතුවම ඇ.ඩො.මිලියන 450ක වාර්තාගත මිලකට නිව්යෝක් නුවරදී වෙන්දේසි වී තිබේ.
සැල්වේටර් මුන්ඩි හෙවත් ලෝකයේ ගැලවුම්කරුවා ලෙසින් මෙම සිතුවම ප්රසිද්ධියට පත්ව තිබුණි.
ක්රිස්ටීස් වෙන්දේසියකදී ඕනෑම ආකාරයක සිතුවමකට එදාමෙදාතුර වැඩිම මිලක් නියම වූ අවස්ථාව ලෙස මෙය සැලකෙන බව විදෙස් වාර්තා පවසයි.
වර්ෂ 1519 දී ලියනාඩෝ ඩා වින්සි ජීවිතක්ෂයට පත්ව සිටි අතර, ඔහුගේ චිත්ර 20ක් පමණ මේ වනවිට ඉතිරිව පවතී. මෙම චිත්රය වර්ෂ 1505 දී පමණ ඔහු විසින් සිතුවමට නගනලද චිත්රයක් බව විශ්වාස කෙරෙයි.