රොඩ්නි වර්ණකුලසූරිය ගේ සාරංගා නැවෙන් ඇවිත් වේදිකා නාට්‍ය වසර අටකට පසු නැවතත් කරළියට ගෙන ඒමට මේ දිනවලදී සූදානම් වෙමින් සිටී. පසුගිය දා සුදර්ශියේදී මෙම නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනයේ මුහුරත් උළෙල පැවැත්විණි .
2003දී ආරම්භ වූ මේ නාට්‍යයේ ප්‍රදර්ශන කටයුතු ආරම්භ වුවද ,ඇන්ටන් ජූඩ් කලාකරුවාගේ හදිසි වියෝවත් සමඟම එහි කටයුතු අතරමගදි නතර විය. නමුත් ඔහුගේ වියෝවෙන් වසර 8කට පසුව හෝ එහි ප්‍රදර්ශන කටයුතු නව නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කිරීමට සැරසීම සුබ ලකුණකි.
ආයෙමත් කරළියට එන මේ වේදිකා නාට්‍යයේ රොඩ්නි වර්ණකුල ,ආනන්ද අතුකෝරාල ,මිහිර සිරිතිලක ,ජීවත් හඳුන්නෙත්ති ,කුමාර ලියනගේ,වජිර කොඩිතුවක්කු ,ඉන්දික රාමනායක ,තරංගා කුමාරි සහ සුජානි නිසංකා රංගනයෙන් එකතු වනු ඇත.