සියලු ශ්‍රී ලාංකේය ජනතාව “එකම දැයක්” තේමාව යටතේ අභිමානවත්ව සමරන හැත්තෑ වැනි නිදහස් දිනය අදට දී තිබේ.
ඒ වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ නිදහස් සැමරුම් උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.
මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයා ලෙස එතුමියගේ පුත්‍ර එඩ්වඩ් කුමරු සහ සොෆිරයිස් ජෝන්ස් කුමරිය මෙවර ජාතික දින සැමරුමේ රාජකීය ආරාධිත අමුත්තෝ ලෙස සහභාගී වෙති.