මෙරට රසික ජනාදරයට පත් ජනප්‍රිය සිනමා නිර්මාණයක් වන “අල්ලපු ගෙදර” නව නිෂ්පාදනයක් ලෙසින් සිංහල සිනමාවට නැවත එක්වීමට නියමිතය.
මෙහි අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කිර්ති බණ්ඩාර විසිනි.
මින් පෙර ජෝ අබේවික්‍රම නිරුපනය කළ චරිතයට මෙදා පණ පොවන්නේ නිරෝෂන් විජේසිංහ ය.
එසේම ක්ලැරිස් ද සිල්වා නිරූපිත චරිතය අනූෂා දමයන්ති, සන්ධ්‍යා කුමාරි නිරූපිත චරිතය ගයාත්‍රි ඩයස්, ඇන්තනි සී. පෙරේරා නිරූපිත චරිතය ගිවන්ත අර්ථසාත්, හියුගෝ ප්‍රනාන්දුගේ නිරූපිත චරිතය විජේරත්න වරකාගොඩ විසින් නැවත රිදී තිරයේ මවනු ඇත.
සෙසු චරිත සඳහා චාන්දනී මල්ලිකා, ඩී. බී. ගංගොඩතැන්න, කේ. ඩී. සිරිපාල, උපාලි සිල්වා, සැනට් දික්කුඹුර, සුගත් ශාන්ත මොරගහකුඹුර, උපුල් වීරසිංහ, ගාමිණී කුලසේකර, නිහාල් ගමගේ රංගන දායකත්වය ලබා දීමට නියමිතය.
කැමරා අධ්‍යක්ෂණය චන්දන ධර්මප්‍රිය, අංග රචනය ගාමිණී කොස්තා, කලා අධ්‍යක්ෂණය කුමාර ඩී. රාහුබද්ධ, නිශ්චල ඡයාරූප ගාමිණී කුලසේකර සහ හේමක බණ්ඩාරගෙනි.
සම නිෂ්පාදකවරුන් ලෙසට රන්ජිත් නවරත්න සහ සම්පත් දායක වන අතර ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. කරුණරත්න විධායක නිෂ්පාදනයෙන් දායකත්වය ලබා දී තිබේ.