හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි‍්‍රන්ස් ගුණසේකරගේ ජීවිත කතාව ඇසුරින් අසංක සායක්කාර විසින් රචිත “ප්‍රින්ස්” ග්‍රන්ථය පසුගියදා ලන්ඩන් හි දී ජනගත කර තිබේ.
මෙම කෘතිය දැනට ජිවතුන් අතර සිටින මෙරට පැරණිතම මන්ත්‍රීවරයාගේ ජිවිත කතාව ලෙසින් සැලකේ.
හබරාදුව මන්ත්‍රී ආසයන නියෝජනය කරමින් 1960, 1965 සහ 1970 සමයන් හි දී ප්‍රින්ස් ගුණසේකර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ය.
මානව හිමිකම් පිළිබඳ ව කටයුතු කළ මුල් පෙළේ නිතීඥවරයෙක් වු ඔහු 1989 දී තමාට එල්ල වූ ජීවිත තර්ජන නිසා බි්රතාන්යයට පිටත්ව ගියේ ය.
කෘතිය එළිදැක්වීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු බිතාන්‍ය මහකොමසාරිස් ඬේවිඞ් ග්ලැඞ්ස්ටන් සහ ඇවබෙරි ආර්යාවගේ සහභාගී වී තිබේ.
‘පි‍්‍රන්ස්’ කෘතිය අහස ප්රකාශනයකි.