මානව හිතවාදි හෙල කලාකරු විජය කුමාරතුංග මහතාගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම වෙනුවෙන් විජය කුමාරතුංග සමාධිය අසල අද (16) විශේෂ උත්සවයක් පැවැත්වුනා.
විජය පදනම විසින් සංවිධානය කරන ලද එම උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද එක්වූවා.
එම අවස්ථාවට හිටපු අමාත්‍ය පීලික්ස් පෙරේරා, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, බස්නාහිර පලාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න ඇතුළු විජය කුමාරතුංගයන්ගේ පවුලේ ඥාතීන් සහ කලාකාමී රසික හිතවතුන් පිරිසක් සහභාගි වූවා.