සිනමාවේදිනි ලංකා බණ්ඩාරනායක ගේ “සම්ප්රදාය” (Tradition) කෙටි චිත්‍රපටය ඔස්ට්‍රියාවේ පැවැත්වෙන ෆෙස්ටිව් ඔෆ් නේෂන්ස් කෙටි චිත්‍රපට උළලේ ප්‍රදර්ශනය සඳහා තේරී පත් වී තිබේ.
46 වැනි වතාවට සංවිධානය කෙරෙන මෙම උළෙල එළඹෙන මැයි මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා ඔස්ට්‍රියාවේ ලේන්සින් හි දී පැවැත්වීමට නියමිතය.
2016 දී නිර්මාණය කළ “සම්ප්රදාය” ලංකා බණ්ඩාරනායකගේ කුළුඳුල් කෙටි චිත්‍රපටය වේ.
මින් පෙරද ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසකදී ඇගයීමට ලක් වී ඇති මෙම සිනමාපටය ජාත්‍යන්තර සිනමා උළෙල 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කර තිබේ.