හෙක්ටර් කුමාරසිරි ගේ දෙවැනි සිනමා නිර්මාණය “අමෝරා” ලිංග විපර්යාසයකට ලක් වෙමින් සිටින යුවතියක් වටා ගෙතුණු කතාවකි.
නර්තන ශිල්පිනියක් වන අමෝරා ගේ චරිතයට පණ පොවන්නේ මේනකා මධුවන්ති ය.
මහේන්ද්‍ර පෙරේරා, ඩබ්. ජයසිරි, නිමන්ත හේෂාන්, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, හෙක්ටර් බෙත්මගේ, දයාදේව එදිරිසිංහ, දයා වයමන්, ගිහාන් ප්‍රනාන්දු, එම්. ජි. ධනුෂ්ක, දමයන්ති ෆොන්සේකා, ෆර්නි රෝෂිනි, ආචාර්ය අංජලි මිශ්රා, දිනේෂ් මුදලිගේ, උපුල් ගුණවර්ධන, ශිරාණි ගමගේ ඇතුළු පිරිසක් සිනමාපටය සඳහා රංගන දායකත්වය සපයා තිබේ.
කැමරා අධ්‍යක්ෂණය කපිල සුදේශ්, සංස්කරණය අජිත් රාමනායක, සහය අධ්‍යක්ෂණය රුවන් බණ්ඩාර සමඟ රන්ජිත් යාපා ද අල්විස්, ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි, වර්ණ සංයෝජනය දිනිදු ජාගොඩ, අංග රචනය සහ කලා අධ්‍යක්ෂණය සිරිනාථ වික්‍රමසිංහ විසිනි.
සංගීත අධ්‍යක්ෂණය නිමන්ත හේෂාන් විසින් නිම කර ඇති අතර ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ශිරාණි ගමගේ විසිනි.
“අමෝරා” ක්‍රිස් වික්‍රමසිංහ නිෂ්පාදනයකි.