කාව්‍ය විචාරය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් සන්ථව ප්‍රකාශන ආයතනය විසින් සංවිධාන කරනු ලබන “සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය” දෙවැනි වරටත් පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
මේ සඳහා ඕනෑම අයෙකුට නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දී ඇතැයි සන්ථව ආයතනය සඳහන් කළේය.
ඒ අනුව 2018 විචාර සම්මානයට අදාලව විචාරයට ලක් කළ යුත්තේ ඊට පෙර එනම් 2017 වර්ෂයේ ප්‍රකාශයට පත් කාව්‍ය කෘතීන් ය. එසේම ඕනෑම විචාර පදනමකට අනුව විචාර ඉදිරිපත් කළ හැකිය.
හොඳම විචාරය සඳහා “සන්ථව කාව්‍ය විචාර සම්මානය” හිමි වන අතර ප්රශස්ත මට්ටමේ විචාර දහයක් උදෙසා සහතික පිරිනැමෙනු ඇත.
අගෝස්තු මස අගදී පැවැත්වෙන සම්මාන උළලේදී ජයග්‍රාහී විචාර අඩංගු කෘතියක් ද ජනගත කිරීමට නියමිතය.
සියලු නිර්මාණ ජුනි මස 30 වැනිදාට ප්‍රථම ලැබෙන්නට සැලැස්විය යුතු බව සන්ථව ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩි විස්තර www.santha-waprakashana.com වෙතින් facebook.santheweprakashana ඔස්සේ හෝ 0713474917 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.