මෙරට සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ අවමංගල උත්සවය පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර තිබේ.
ඊයේ(29) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලක දී සිය දිවියෙන් සමුගත් එතුමන් මියයන විට 99 හැවිරිදි වියේ පසුවිය.
සංදේශය, ගම්පෙරලිය, දෙලොවක් අතර, රන්සළු, ගොලු හදවත, අක්කරපහ, නිධානය, දෑසනිසා, මඩෝල්දූව, අහසින් පොලොවට, වීර පුරන්අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වලව්ව ආදී සිනමා පට රැසක් අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා ක්ෂේත්රයේ නොමැකෙන සටහන් තැබූ ඔහු ජාත්‍යන්තරයේ පවා සම්මානයට පාත්‍ර විය.
2006 වසරේදී තිරගත වු අම්මාවරුනේ සිනමාපටය ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් අතින් අධ්‍යක්ෂණය කළ අවසන් සිනමා පටය වේ.
අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ.
අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය මේ වන විට මල් ශාලාවේ සිට තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ, අංක 24 දරණ ඔහුගේ නිවසේ තැන්පත්කර ඇත.