ආසියානු රටවල සංස්කෘතික වැඩසටහන් ක්රියාත්මක කිරීමේ වැඩපිළිවෙල යටතේ පැවැත්වෙන “සාර්ක් සිනමා උළෙල 2018” එළඹෙන මැයි 22 වැනිදා සිට 27 වැනිදා දක්වා ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
8 වැනි වරටත් සංවිධානය වන මෙම සිනමා උළල සඳහා ශ්රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් කෙටි සහ වෘතාන්ත චිත්රපට තිරගත කෙරේ.
උළෙලේ සමාරම්භක චිත්රපටය ලෙස 22 වැනිදා සවස 6.30 ට වසන්ත ඔබේසේකරගේ ආගන්තුකයා තිරගතවීමට නියමිතය.
උළලේ දී සිනමාපට තිරගත වන පිළිවෙල මෙසේ ය,
23 වැනිදා
උදෑසන 10 ට සෙර්ගා මතාන්ග් (භූතානය)
දහවල් 1 ට සැලියුට් (පාකිස්තානය)
සවස 4.30 ට ගී - කෙටි චිත්රපටය (ඉන්දියාව)
සවස 5.05ට කචා (බංග්ලාදේශය)
සවස 7.20 ට ස්ටැටස් -කෙටි චිත්රපටය (මාලදිවයින)
සවස 7.35 ට හම්චෙ වයි සැම්ලින් (භූතානය)
24 වැනිදා
උදෑසන 10 ට බිතුෆාන්ගි -කෙටි චිත්රපටය (මාලදිවයින)
උදෑසන 10.30 ට චේන් අයේනා කෙටි චිත්රපටය (පාකිස්තානය)
උදෑසන 11 ට හාහ්ධු (මාලදිවයින)
සවස 2.30 ට දාග් - කෙටි චිත්රපටය (බංගලාදේශය)
සවස 2.45 ෆයර් ඔෆ් ලයිෆ් - කෙටි චිත්රපටය (ශ්රී ලංකාව)
සවස 3.30 ට 28 (ශ්රී ලංකාව)
සවස 6 ට ක්ෂිතිජි (ඉන්දියාව)
රාත්රී 8 ට ශානක්ත් (පාකිස්තානය)
25 වැනිදා
දහවල් 12.30 අකී ඇන්ඩ් හර් ෆ්රෙන්ඩ් (බංග්ලාදේශය)
සවස 3 ට මට නම් ඇහුණා - කෙටි චිත්රපටය (ශ්රී ලංකාව)
සවස 3.45 ට බිසොර්ජන් (ඉන්දියාව)
සවස 6.30 ට බ්ලයින්ඩ් ලව් - කෙටි චිත්රපටය (පාකිස්තානය)
සවස 7 ට 4426 (මාලදිවයින)
26 වැනිදා
උදෑසන 10 ට කබ් මේඝර් බෙලා - කෙටි චිත්රපටය (බංග්ලාදේශය)
උදෑසන 10.30 ට පූර්ණා (ඉන්දියාව)
දහවල් 12.30 ට වර්නා (පාකිස්තානය)
සවස 3.30 ට හැල්දා (බංග්ලාදේශය)
සවස 6.30 ට ද වෝටර්ෆෝල් - කෙටි චිත්රපටය (ඉන්දියාව)
සවස 7 ට බහුචිතවාදියා (ශ්රී ලංකාව)