ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අවමංගල්‍යයේදී සොරාගනු ලැබූ යාවජීව රණමයුර සම්මානය එතුමාගේ ඥාතීන් වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට නියෝග කර තිබේ.
එසේම, එම සිද්ධියට අදාළ සැකකරුවන්ගෙන් පස් වැනි සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් ඔවුන් ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් නියෝග කර ඇත.