ප්‍රවීන අධ්යක්ෂ වී. සිවදාසන්ගේ නවතම සිනමාපටය “දෙවැනි යුද්ධය” මුහුරත් උලෙළ පසුගිය දා වැල්ලවත්ත සෆායර් හෝටලයේදී පැවැත්විණි.
පුබුදු චතුරංග, උදාරි වර්ණකුලසූරිය, ජයලත් මනෝරත්න, දිල්හානි අශෝකමාලා, සරත් කොතලාවල, කීත් රංග, රුක්ෂානා දිසානායක, බුද්ධික ජයරත්න, සාගරිකා ධර්මපාල, අනුර වරාගොඩ, එස්. අයි. සමරක්කොඩි, තුෂිනි ප්‍රනාන්දු සිනමාපටයට රංගනයෙන් දායක වෙති.
සම අධ්‍යක්ෂණය කීර්ති රුවන් ලාල්සන්, කැමරාකරණය සුජිත් නිශාන්ත, තිර රචනය බර්නාඩ් ජයතුංග, කලා අධ්‍යක්ෂණය රොහාන් සමරදිවාකර, නිෂ්පාදන විධායක සරත් වීරසේකර, වේශ නිරූපණය අනුර ජයසේකර, රංග වස්ත්රාභරණ දිනේෂ් ජයශාන්ත, සංගීතය උදයන් වික්ටර්, නිෂ්පාදන කළමනාකරණය සුනිල් ජයදේව, ගීත ගායනය සුබුද්ධි ලක්මාලි, පූර්ණ සචින්ත, කල්පනා කාවින්දි, ගීත රචනය සුනිල් ධර්මසිරි, මාධ්‍ය සම්බන්ධිකරණයෙන් සුනිල් ධර්මසිරි සහ කීර්ති රුවන් ලාල්සන් විසිනි.
දෙවැනි යුද්ධය සිවදාසන්ගේ පුත් රජීව් සිවදාසන් නිෂ්පාදනයකි.
ඡායාරූප : නිශ්ශංක විජේරත්න