ප්‍රකට ඇමරිකානු ගායිකා අරියානා ග්‍රාන්ඩේ සමඟ තමන් විවාහ ගිවිසගෙන ඇති බවට ප්‍රහසන ශිල්පී පීට් ඩේවිඩ්සන් තහවුරු කර තිබෙනවා.
“තරගයක් ජයගත් හැඟීමක් තමන්ට දැනෙන” බව ඔහු අදහස් පළ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජිමි ෆෝලන් විසින් මෙහෙයවන ද ටුනයිට් ෂෝ වැඩසටහනට සහභාගී වෙමිනි.
සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු දෙමින් අරියානා ද ජූනි මස මුලදී මෙම පුවත තහවුරු කර සිටියා.
එසේම විවාහ ගිවිස ගැනීමේ මුදුවක් අරියානා ග්‍රාන්ඩේ පැළඳ සිටින ආකාරය දැක්වෙන ඡායාරුපයක් ද පීට් විසින් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යට එක් කර තිබුනා.