ත්‍රී ඉඩියට්ස් සිනමාපටයේ දෙවැන්න නිර්මාණය කිරීමේ සුදානමක් ඇති බව බොලිවුඩ් සිනමාපට අධ්යක්ෂ රාජ් කුමාර් හිරානි පවසා තිබෙනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ සංජු චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා පසුගියදා පැවතී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී යි.ඒ වෙනුවෙන් අබ්ජිත් ජෝෂි සමඟ තිර පිටපත සකසමින් සිටින බව ද ඔහු සඳහන් කර තිබෙනවා.කෙසේ වෙතත් ත්‍රී ඉඩියට්ස් දෙවැන්න මුන්නාබායි තුන්වැන්නට පසුව රිදී තිරයට පැමිණෙන බවයි එරට වාර්තා මාධ්‍ය වාර්තා කරන්නේ.පීකේ, ත්‍රී ඉඩියට්ස්, මුන්නාබායි වැනි ජනප්‍රිය සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කළ රාජ් කුමාර් බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක් ලෙස හඳුන්වනු ලැබේ.