නැඟී එන තුර්කි ගායිකාවක් රාත්රී සමාජ ශාලාවක් තුලදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඒ ප්රකට බෝද්රම් සංචාරක නගරයේ දිය.පුද්ගලයන් සිව් දෙනෙක් එල්ල කළ වෙඩි ප්රහාරයෙන් හෙසර් ටුලු නම් 40 හැවිරිදි ගායිකාව සහ සමාජ ශාලා අයිතිකරු ජිවිතක්ෂයට පත්ව ඇති අතර එහි සිටි කිහිප දෙනෙක් තුවාල ලබා ඇත.සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.හෙසර් ටුලු ඇගේ ප්රථම සංගීත ඇල්බමය නිකුත් කර ඇත්තේ 2014 දී ය.