සිය නවතම සිනමාපටය වෙනුවෙන් ලිංග විපර්යාසයකට ලක්වූවකු ලෙස රංගන දායකත්වය සැපයීමට එකඟ වීම නිසා
හොලිවුඩ් නිළි ස්කාලට් ජෝහැන්ස්සන් වෙත විවේචන එල්ල වෙමින් තිබේ.
ද ඇවෙන්ජර්ස් සිනමාපටයෙන් ජනප්රියත්වයට පත් මෙම රංගන ශිල්පිනිය, 1970 ගණන් වල ඇමරිකාවේ පිට්ස්බර්ග් නගරයෙහි විසූ දාන්තේ ටෙක්ස් ගිල් නම් අපරාධ නායකයෙකුගේ චරිතයට පණ පෙවීමට නියමිතය.
චිත්රපටය නම් කර ඇත්තේ “රබ් ඇන්ඩ් තග්” ලෙසිනි.
එක්සත් ජනපද ඔබිචුඅරි පුවත්පතට අනුව 2003 දී මියගිය දාන්තේ, උපත ලබා ඇත්තේ ජීන් ගිල් ලෙස ය. පසුව මිස්ටර් ගිල් ලෙස හඳුන්වා ඇත්තේ ද මෙම තැනැත්තිය යි.
රංගන ශිල්පිනි ස්කාලට් ජෝහැන්සන් වෙත විවේචන එල්ල කරමින් සිටින සමහරක් පිරිස් පවසන්නේ ලිංග විපර්යාසයට ලක්වූ පුරුෂයකුට හිමිවන්නට තිබූ මෙම චරිතය ඇය විසින් භාර ගැනීම අනුමත කළ නොහැකි බවයි.
කෙසේ වෙතත් තවත් පිරිසක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ රංගන ශිල්පිනියක් ලෙස ඕනෑම චරිතයක් බාර ගැනීමට ඇයට අයිතිය හිමි බවයි.