ප්රියානි ජයසිංහ හුගක් ගීත ගායනා නොකළත් ඇය ගැයූ ගීත කිහිපය මෙරට ගීත රසවිඳින්නන්ට ඉතා හොඳින් මතකයි.
ප්රියානි ජයසිංහ ඊයේ දින ඝාතනය කොට තිබෙනවා. ඇගේ සැමියා ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සැක කරනු ලබනවා.
ප්රියානි දරු දෙදෙනෙකුගේ මවක්. ඇයගේ හදිසි මරණය පිළිබඳ මේ වනවිටත් විවිධ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ සැරිසරනවා.
මිරර් ආර්ට්ස් ඇයගේ හදිසි වියෝව පිළිබඳ සංවේගය මෙලෙස සටහන් කරනවා.
"මල් පුදින්නේ දෑගිලි අතරේ
තැලීපෙලී මියැදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ
සෙනෙහෙ ලබන්නයි
හිත රිදවා හඩවන්න නොවේ"