ස්පයිඩර් මෑන් සුපිරි වීර චරිතයේ සම නිර්මාතෘවරයෙක් වන ස්ටීව් ඩිට්කෝ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී අභාවප්‍රාප්ත වි තිබේ.
මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය.
ස්ටීව් ඩිට්කෝ වාසය කළ නිවසේ දී ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ස්පයිඩර් මෑන් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වැනි සුපිරි වීර චරිත ගොඩ නැගීම සඳහා මාවල් කොමික්ස් නිෂ්පාදන සමාගමේ වත්මන් ප්‍රධානි වන ස්ටෑන් ලී සමඟ ඔහු එක්ව කටයුතු කර තිබුණේ 1960 ගණන් වලදී ය.
මකුළුවෙකුගේ බලය සහිත වීර චරිතයක් පිළිබඳ මුලික අදහස ස්ටෑන් ලී ගේ නමුත් එම චරිතය සඳහා නිල් සහ රතු පැහැ මිශ්‍ර ඇඳුමක් මෙන්ම ඉන් මකුළු දැල් විදීම යන අංග ඇතුලත් අදහස් ස්ටීව් ඩිට්කෝ බව උතුරු ඇමරිකානු BBC වාර්තාකරුවෙක් වන ක්‍රිස් බක්ලර් පවසයි.
ස්ටෑන් ලී සමඟ ආරවුලක් ඇති කරගන්නා ස්ටීව් 1966 දී මාවල් කොමික්ස් අතහැර DC කොමික්ස් සමාගමේ සේවයට එක් වි තිබේ.