අග්රගණ්ය චිත්ර ශිල්පියෙක් වූජෝර්ජ් කිට් විසින් සිතුවම් කරන ලද,
රුපියල් මිලියන 12 කට අධික වටිනා කමකින් යුත් බව පැවසෙන සිතුවම් දෙකක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය අපේක්ෂා කර තිබේ.
‘‘මදර් ඇන්ඞ් චයිල්ඩ්‘‘ සහ ‘‘වසන්ති‘‘ ලෙස නම් කර තිබු මෙම චිත්ර දෙක කොළඹ 02 ගැලනි වීදියේ අංක 130 යන ලිපිනයේ තිබී ඇති අතර ඒවා 2013 වසරේ ජූලි 12 වැනිදා පටන් අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසයි.
එම ලිපිනයේ පිහිටි කාර්යාලය වෙනත් ස්ථානයකට රැගෙන ගිය කාල වකවානුවේ දී මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
තෙල් සායම් යොදා ගනිමින් කැන්වසයක ඇඳි ‘‘මදර් ඇන් චයිල්ඩ්‘‘ සිතුවම 1953 වසරේ නිර්මාණය කර ඇති අතර ‘‘වසන්ති‘‘ චිත්රය සිතුවම් කර ඇත්තේ 1950 වසරේ දී ය.
සොරාගත් එම සිතුවම් දෙක හෝ සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශයේ 011- 2395248 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ඩේලි මිරර් පුවතක් ඇසුරින්