ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇති සබඳතා වැඩි දියුණු කරගැනීම උදෙසා රුසියාව විසින් ඇමරිකානු රංගන ශිල්පී ස්ටීවන් සීගල් විශේෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස පත් කරගෙන තිබේ.
සීගල්, 2016 වසරේදී රුසියානු පුරවැසිභාවයට හිමිකම් කීය.
එසේම ජනපති ව්ලැඩිමීර් පුටින් ලොව ශ්‍රේෂ්ඨ නායකයෙක් යැයි ඔහු වර්ණනා කර තිබුණි.
එක්සත් ජනපදයේ උපත ලැබූ මෙම සටන් රංගන ශිල්පියා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වුයේ 1980 සහ 90 දශකයේ දී ය.
ඒ “අන්ඩර් සීජ්” වැනි සිනමාපට ඔස්සේ ය.
සේවා ස්ථානයන්හි සිදුවන ලිංගික අපයෝජනවලට එරෙහිව ක්‍රියාත්මක වූ #MeToo වැනි ව්‍යාපෘතින් හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ නැඟී සිටීමත් සමඟ කාන්තාවන් කිහිප දෙනෙක්ම ස්ටීවන් සීගල් වෙත ලිංගික අපචාර චෝදනා එල්ල කර තිබුණි.
කෙසේ වෙතත් ඔහු තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළේය.