පෝල් එම්.එම්. කූපර් විසින් රචිත “රිවර් ඔෆ් ඉන්ක්” කෘතියේ සිංහල පරිවර්තනය “තීන්ත නදිය” නමින් හෙට(20) දින එළිදැක්වීමට නියමිත ය.
ඒ පස්වරු 3ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ය.
පොළොන්නරු යුගය පාදක කරගෙන ලියූ මෙම ඓතිහාසික නවකතාව සිංහලයට නඟා ඇත්තේ ලේඛක සමන් කළුආරච්චි විසින්.
ජනගත කිරීමේ උළෙලට බ්‍රිතාන්‍ය ලේඛක පෝල් එම්. එම් කූපර්ද සහභාගි වීමට නියමිත අතර පාඨකයන්ට ද එදිනට සහභාගි විය හැකිය.
තීන්ත නදිය සූරිය ප්රකාශනයකි.