ඇමරිකා එක්සත් ජනපද ඔක්ලහෝමා හි පැවැත්වුණු එළිමහන් සංගීත සංදර්ශන භුමියක පිහිටා තිබූ ලෝහ නිමැවුමක් එම ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවක් අතරතුර කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ බැක්ස්ට්‍රීට් බෝයිස් සංගීත කණ්ඩායමේ රසිකයින් රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි.
“අපේ රසිකයින්ට හානියක් වෙනවා දකින්න අපිට අවශ්‍ය නැහැ,” යනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකට ඇමරිකානු සංගීත කණ්ඩායම සිය එළිමහන් සංගීත සංදර්ශනය අවලංගු කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 113-128ත් අතර අගයක් ගෙන ඇති අතර සංවිධායකයින් වහාම ජනතාව සංදර්ශන භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් 150 දෙනකු පමණ වූ නරඹන්නන් සිය පූර්ව අනතුරු ඇඟවීම සැලකිල්ලට නොගත් බව සංවිධායකයින් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.