නුවන් ජයතිලකගේ නවතම සිනමා නිර්මාණය ‘සුළඟ අප රැගෙන යාවි’ (The wind beneath us) 58 වැනි ආසියානු පැසිෆික් සිනමා උළෙලේ තරඟකාරී අංශයෙන් අවසන් වටයට තේරී පත්වී තිබේ.
තවමත් මෙරට තුළ ප්‍රදර්ශනය නොවූ මෙම චිත්‍රපටය මින් පෙරද ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී ඇගයීමට ලක් වී තිබුණි.
සිය නිර්මාණය ආසියානු පැසිෆික් සිනමා උළෙල සඳහා තේරී පත්වීම සම්බන්ධයෙන් චිත්‍රපට අධ්යක්ෂ නුවන් සිය ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහනක් තබා තිබුණි.
“ලාංකීය පොලව මත කුළුදුලෙහි උපන් සිනමා සිහිනය මියෙමින් තිබේ. අකාරුණික සමාජයක සිනමා-පට 80වක පෝලිමක උභතෝකෝටිකව පස් වසර සමරන්නට වීමේ වේදනාවෙන් මිරිකෙමින් සිටිමි. මේ ජයග්‍රහණය ඒ කටෝර කතරට ක්ෂේමභූමියක් වගෙයි. සිනමාව වෘත්තීය කරගන්නට සිහින දුටු මොහොත ගැන මතකය තවමත් අද ඊයේ වගෙයි. එදා පටන් මේසා කලක් සෙනෙහසින් මා දිරිමත් කරන, අතැඟිලි වලටත් වඩා කුඩා සුළුතරයට මේ සතුට ඒ විසල් සුළගේ අපූර්වත්වය සමග පා කර එවමි.”