සන්ථව ප්‍රකාශන ආයතනය දෙවැනි වරටත් සංවිධාන කරන “සන්ථව කාව්‍ය විචාර සම්මාන” උළෙල මෙවරත් සාහිත්‍ය මාසයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව 2018 සැප්තැම්බර් මස 4 වැනිදා සවස 3 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවනාගාරයේ දී මෙම උත්සවය පැවැත්වීමට නියමිත ය.
පසුගිය වසරේ ප්‍රකාශිත කවි කෘති මුල් කරගනිමින් ලියූ විචාර අතරින් ප්‍රශස්තම විචාරය එහිදී සම්මාන හිමි කරගනු ඇත.
සෙසු ජයග්‍රාහී සහ කුසලතා විචාර සඳහා ද එහිදී සහතික සහ ත්‍යාග පිරිනැමේ.
එදින මුඛ්‍ය දේශනය මාධ්‍යවේදී, ලේඛක තිඹිරියාගම බණ්ඩාර විසින් සිදු කරන අතර ප්‍රවීන කිවියර ලාල් හෑගොඩ විසින් විශේෂ දෙසුමක් පැවැත්වීමට නියමිත ය.
නූතනම සිංහල කවියේ දිශානතිය වඩාත් පුළුල් කිරීමේ සහ කවියේ ගැඹුරුතම කියවීම පුරවැසියාට සමීප කිරීමේ අරමුණින් සම්මාන උළෙල සංවිධාන කෙරේ.