කේ.කේ. ශ්‍රීනාත් විසින් රචනා කර මෑතකදී පළ කළ “බුදුන්ගේ රස්තියාදුව” නම් කෘතිය බුදුන් වහන්සේට සහ බුදු දහමට නිගා දෙන අන්දමින් ලියා ඇති බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පොලිස්පතිගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වන්හන්සේට නින්දා සහ අපහාස සිදු කර ඇති බවත් සමස්ත බුදු දහම නිගාවට ලක් කොට ඇති බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් යොමු කර ඇති ලිපිය මඟින් පෙන්වා දී ඇත.
ඉන් ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාව මහත් කම්පාවට සහ චිත්ත පීඩාවට පත්ව සිටින බව පොලිස්පති පුජිත ජයසුන්දර වෙත දන්වා සිටින අමාත්‍යවරයා එහි කර්තෘවරයා, මුද්‍රණකරුවන්, ප්‍රකාශකයන්, බෙදාහරින්නන් සහ අලෙවි කරන්නන් දණ්ඩ නීතී සංග්‍රහයේ 290, 290 ඒ සහ 291 බී වගන්තිය යටතේ සපරාධි වරදක් සිදු කර ඇති බැවින් ඒ පිලිබඳ පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා තිබේ.
එම ලිපිය පහතින්,