කමල් හසන්ගේ නවතම සිනමා පටයක්’ තිරගත වන තුරු ලොව පුරා විසිරී සිටින රසිකයන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. මේ වසරේදී ඔහු තිරයට රැගෙන එන්නේ 2013 වසරේදී තිරගත වූ විශ්වරූපම් සිනමා පටයේ දෙවැන්නයි.
රහස් පරීක්ෂක, ක්රියාදාම, ත්රාසජනක සිනමා පටයේ විසම් අහමඩ් කාශ්මිරි ලෙස කමල් හසන් රඟන අතර විශ්වරූපම් සිනමා පටයේ මෙන් ම දෙවැන්නේ ද ඔහු ත්රස්තවාදයට එරෙහිව සටන් වදින්නෙකි.
අල් ඛයිඩා ත්රස්තවාදියකු වන ඔමාර් කුරේෂිගේ නිව්යෝක් නගරයට එල්ල කිරීමට සැලසුම් කරන බෝම්බ ප්රහාරය විසම් අහමඩ් විසින් අසාර්ථක කරනු ලබයි. විසම් ඉන්දියානු බුද්ධි අංශයේ නියෝජිතයකු වන අතර ඔහුගේ සහායට බිරිය නිරූපමා (පූජා කුමාර්) ද අශ්මිතා (ඇන්ඩ්රියා ජෙරෙමියා) ද සිටිති.
ඔමර් කුරේෂි (රාහුල බෝස්) සහ ඔහුගේ ත්රස්ත කණ්ඩායම මරා දැමීමට විසම්ට හැකිවන අතර ඒ සමඟ ඔහුගේ අරමුණ ද සාක්ෂාත් වෙයි. විශ්වරූපම් දෙවැන්න අගෝස්තු 10 වැනිදා සිට තිරගත වන අතර මෙහි පළමු වැනි විශ්වරූපම් සිනමා පටයේ රඟපෑ රාහුල් බෝස්, ශේකර් කපූර්, පූජා කුමාර්, ඇන්ඩ්රියා ජෙරෙමියා දෙවැන්නෙහි ද රඟති. දමිළ, හින්දි භාෂා ද්විත්වයෙන්ම සිනමා පටය සාර්ථක ලෙස තිරගත වේ.
චම්පිකා දීපානි රණසිංහ