මුඩුක්කු දරුවන්ගේ වීරත්වය, සිහින, අභිලාෂයන් ගැන කියවෙන නවතම බොලිවුඩ් සිනමා බලාපොරොත්තුව වන්නේ හල්කා ( සහනය)ය.
සාම්ප්‍රදායික මසාල සිනමාපට වට්ටෝරැවෙන් බැහැර වූ මෙහි කතා නායකයා වන්නේ පිච්කු නම් දස හැවිරිදි දරුවෙකි. එදිනෙදා ජීවිතේ මුහුණ පාන ගැටලුවලට විසඳුම් සොයා ඔහු නිරන්තර අරගලයක යෙදෙන්නේය. ඔහුට අවශ්‍ය අසල් වැසි පරිසරය මල මුත්රවලින් තොරව පිරිසිදුව තබා ගැනීමය.
ජාතික සම්මානලාභී නිලා මාධබ් අධ්‍යක්ෂණය කළ හල්කා තිරගත වීමට පෙර අන්තර්ජාතික සම්මානයට පවා පාත්රවී තිබේ. තවත් ජාතික සම්මානලාභී සිනමා පටයක් වන අයෑම් කලාම් ද ඔහුගේ නිර්මාණයකි. හල්කා එහි දෙවැන්න ලෙස මාධබ් පවසයි.
දරුවන් වෙනුවෙන් ඉන්දියාවේ සිනමා පට නිපදවෛන්නේ අඩුවෙනි. ඇතැම් ව්චාරකයන් මෙය එරට වැසිකිළි පැනයට සුරංගනා විසඳුමක් ලෙස දක්වා තිබුණ ද වැඩි දෙනකු අති සාර්ථක පවුලේ සිනමා පටයක් ලෙස අගය කර තිබේ.
සිළුමිණ