සිනමාකරුවන්ගේ ආකර්ෂණය දිනාගත් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල අඛණ්ඩව සිව් වැනි වරටත් සංවිධාන කෙරේ.
යාපන අර්ධද්වීපයේ නිදහස් නිවහල් සිනමාව සමරමින් පැවැත්වෙන මෙම උළෙල එළඹෙන ඔක්තෝබර් මස 3 වැනිදා සිට 8 වැනිදා සිදු කිරීමට නියමිත ය.
රටවල් 30 ක් නියෝජනය කරමින් සිනමාපට 80 කට වැඩි ප්රමාණයක් මෙවර සිනමා උළල වෙනුවෙන් ඉදිරිපත් කෙරෙනු ඇත.
ඊට සමගාමිව සිනමා වැඩමුළු, සංවාද, කතිකා ආදිය ද පැවැත්වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.